Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
Name
Denu flower & my life
Description
පරිසරය සුරකින්න එය ඔබව බලා ගනිවී.🌿🌹එ වගෙම මගෙ දක්ශතා, මගෙ දින ගෙවෙන විදිය, මල් වාගව ,ගොඩක් දෙවල් ඉගෙන ගන්න මෙ පැත්තට එන්න..🌱😍🥰අනිත් අයටත් උදවු කරගෙන ජිවිතෙ විදිමු...😍🥰😘🌿🌱🌸🌳🌼🌷🌾🌹🍀
Love the nature it will take care of you.🌿🌹Likewise, come here to learn my skills, the way I spend my days, flower gardening, and many other things..🌱😍🥰Let's help others and live life...😍🥰😘🌿🌱🌸🌳🌼🌷🌾🌹🍀
Love the nature it will take care of you.🌿🌹Likewise, come here to learn my skills, the way I spend my days, flower gardening, and many other things..🌱😍🥰Let's help others and live life...😍🥰😘🌿🌱🌸🌳🌼🌷🌾🌹🍀
Subscribers
50.5K
Subscriptions
Recent Activity
|
Denu flower & my life
2018 අවුරුද්දේ බ්‍රසීලයේ තරුණයෙක් තමන්ගේ බිරිඳට ඇති වුණු හදිසි රෝගී තත්ත්වයක් නිසා ඒ දෙන්නගෙම ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් වෙන හැටි අත්වින්දා. අවුරුදු අටකට පස්සෙත්, පවුලකට කොයි තරම් දේවල් දරාගන්න පුළුවන්ද කියන එකට මේ කතාව හොඳම උදාහරණයක්. 💔
ඩේවිඩ් සීසර් සහ බෘනා ද සූසා කියන්නේ අනාගතය ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන හිටපු තරුණ යුවළක්. ඒත් 2018 ජනවාරි 28 වෙනිදා, දෙන්නා එකට ෆිල්ම් එකක් බල බල ඉන්න අතරේ බෘනාට එකපාරටම වලිප්පුව වගේ තත්ත්වයක් ඇවිත් හෘදයාබාධයක් හැදුණා. 🎬🚑
වෛද්‍යවරුන් කොහොම හරි ඇයව බේරගත්තත්, ගොඩක් වෙලා මොළයට ඔක්සිජන් නොලැබුණු නිසා මොළයට දරුණු විදිහට හානි වෙලා ඇය සිහිසුන් තත්ත්වයකට (vegetative state) පත් වුණා. 🏥
බෘනාට මාස 18ක් විතර රෝහලේ ඉන්න සිද්ධ වුණා. ඒ කාලේ ඇතුළත බෘනාව බලාගන්න ගමන් රස්සාවත් කරගෙන යන්න ඩේවිඩ්ට ලොකු සටනක් දෙන්න වුණා. අන්තිමේදී ඔහුට රස්සාවත් නැති වුණා. 😔
2019 දී බෘනාව ගෙදර එක්කගෙන ආවට පස්සේ, ඇයට කෑම කවන එක, නාවන එක, ඩයපර් මාරු කරන එක වගේම වෛද්‍ය ප්‍රතිකාර සූදානම් කරන එක ඇතුළු හැම දෙයක්ම ඩේවිඩ් තමන්ගේ කරට ගත්තා. 🏡❤️
ඒ විතරක් නෙවෙයි, ඥාතීන්ට ඇය ළඟ ඉන්න පුළුවන් වෙලාවට ඩේවිඩ් රියදුරෙක් විදිහටත් වැඩ කළා. එන්න එන්නම වැඩි වෙන වියදම් පියවගන්න සමහර දවස්වල ඔහු රෑ එළිවෙනකල් වැඩ කළා. 🚗💪
|
||
|
Denu flower & my life
2026 ඔක්තෝබර් 12 වැනි සඳුදා උදෑසන කාමල් (Carmel) නගරයේ පොකුණක් අසල ගත කළ 15 හැවිරිදි මැඩොක්ස් ලාජර් සහ ඔහුගේ 14 හැවිරිදි සොහොයුරු ග්‍රාන්ට් ලාජර් හට එය තවත් එක් සාමාන්‍ය දවසක් පමණක් වුණා. නමුත් නිමේෂයකින් ඇසුණු විශාල ශබ්දයක් සමඟ ඒ සියල්ල වෙනස් වුනා.
ශබ්දය ආ දෙසට හැරී බැලූ සහෝදරයන් දෙදෙනා දුටුවේ ඇඟ කිලිපොලා යන බිහිසුණු දසුනක්. වයෝවෘද්ධ මිත්තණියක් පොකුණේ ගිලෙමින් දැඩි ලෙස ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටියා. ඇගේ පිටේ අවුරුදු 4ක කුඩා දරුවෙකු එල්ලී සිටි අතර, අවුරුදු 2ක සිඟිත්තෙකු රැඳී සිටි ළදරු කරත්තයක් (Stroller) ඒ වන විටත් අඩක් පමණ දියේ ගිලී තිබුනා.
බොහෝ දෙනෙකු කලබල වී කෑගසන හෝ උදව් ඉල්ලා දුරකථන ඇමතුම් ගන්නා මෙවැනි මොහොතක, මැඩොක්ස් සහ ග්‍රාන්ට් තත්පරයකුදු පමා වූයේ නැත. තමන් ඇඳ සිටි ඇඳුම් පිටින්ම වහා පොකුණට පැනගත් මේ තරුණ සොහොයුරෝ දෙදෙනා, දියේ ගිලෙමින් සිටි මිත්තණිය සහ සිව් හැවිරිදි දරුවා මහත් පරිශ්‍රමයකින් ගොඩට ගෙන තිබෙනවා.
නමුත් අවදානම එතැනින් අවසන් නොවුණා. අවුරුදු 2ක කුඩා බිළිඳා තවමත් සිටියේ දිය යට ගිලී ගිය ළදරු කරත්තය තුළයි. ග්‍රාන්ට් ගොඩට ගත් දෙදෙනා අසල රැඳී සිටිද්දී, Carmel පිහිනුම් සමාජයේ දක්ෂ පිහිනුම් ක්‍රීඩකයෙකු වූ මැඩොක්ස් යළිත් වරක් දියට පැන්නා. සිය පිහිනුම් පළපුරුද්ද උපයෝගී කර ගනිමින් වහා දිය යට තිබූ ළදරු කරත්තය ඔසවා ගොඩට ගත් ඔහු, එතුළ සිටි සිඟිත්තා පිටතට ගත්තා.
ඒ වන විටත් දරුවාට වතුර පෙවී අසාධ්‍ය තත්ත්වයේ පසුවුණා. වහා ක්‍රියාත්මක වූ මැඩොක්ස් තමන් උගත් ප්‍රථමාධාර ක්‍රම භාවිත කරමින් දරුවාගේ පිටට තට්ටු කර පෙණහලුවල තිබූ ජලය ඉවත් කිරීමට උත්සාහ කළා. මොහොතකින් පුංචි බිළිඳා මහ හඬින් හඬන්නට පටන් ගත් අතර, ඒ හඬ එතැන සිටි සියල්ලන්ගේම හදවත්වලට ගෙන ආවේ මහත් අස්වැසිල්ලක්.
උදෑසන 11:15ට පමණ පොලිස් නිලධාරීන්, ගිනි නිවන භටයන් සහ වෛද්‍ය කණ්ඩායම් එම ස්ථානයට ළඟා වන විටත්, දරුවන් දෙදෙනාම සිහිය ලබා හොඳින් හුස්ම ගනිමින් සිටියහ. වෛද්‍ය කණ්ඩායම් වහාම තිදෙනාටම අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට පියවර ගත්තා.
තම ජීවිත අවදානම පවා නොතකා අසරණ වූ පවුලක් වෙනුවෙන් ඉදිරිපත් වූ මැඩොක්ස් සහ ග්‍රාන්ට්ගේ මෙම ක්ෂණික සහ බුද්ධිමත් ක්‍රියාකලාපය මුළු කාමල් නගරයේම ප්‍රශංසාවට ලක්ව තිබෙනවා. නගර බලධාරීන් සහ පොලිසිය පවසන්නේ ඔවුන්ගේ නිර්භීතකම නොවන්නට අද වන විට වටිනා ජීවිත කිහිපයක් අහිමි වීමට ඉඩ තිබූ බවයි. මේ අනුව, සමස්ත නගරයම ඉදිරියේ මෙම සහෝදරයන් දෙදෙනාට නිල වශයෙන් ගෞරව බුහුමන් දැක්වීමට කාමල් නගර සභාව මේ වන විට තීරණය කර තිබෙනවා.
සැබවින්ම මැඩොක්ස් සහ ග්‍රාන්ට් යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සමාජයට ආදර්ශයක් වූ සැබෑ වීරයන් දෙදෙනෙක්
|
||
|
Denu flower & my life
ජීවිතයක් කියන්නේ මිල කරන්න බැරි තරම් වටිනා දෙයක්... සමහර වෙලාවට මිනිස්සුන්ට දරාගන්න බැරි සිත් තැවුල්, ප්‍රශ්න ආවම ජීවිතේ අත්හරින්න තරම් තීරණ ගන්නවා. ඒත් ඒ මොහොතේ දේවදූතයෙක් වගේ පහළ වෙන එක මනුස්සයෙක්ගේ මැදිහත්වීමෙන් ඒ ජීවිතය ආයෙත් දලු ලන්න පුළුවන්. ❤️🙏
මේ සිදුවීම වෙන්නේ තල්දූව සීතාවක ගඟේ පාලම උඩදී. දැඩි සිත් තැවුලකින් පසු වූ වයෝවෘද්ධ පුද්ගලයෙක් පාලම් ඇන්ද මතට නැඟලා සීතාවක ගඟට පැන ජීවිතය නැති කරගන්න උත්සාහ කරපු මොහොතේ, ඒ මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි දැරණියගල පදිංචි මේ සොහොයුරාට ඒ දර්ශනය පෙනිලා තියෙනවා.
කිසිම පැකිළීමකින් තොරව, තත්පරයක්වත් පමා නොකර එතැනට ගිය ඔහු, ඒ වයෝවෘද්ධ පියාගේ කමිසයෙන් ඇදලා අරගෙන පාලමෙන් පහළට පැනීම වළක්වාගෙන ජීවිතය බේරාගන්න සමත් වුණා. ඇත්තටම ඔහු සැබෑම වීරයෙක්! 👏🥇
මේ අවස්ථාවේදී කඩිනමින් ක්‍රියාත්මක වෙමින් අවශ්‍ය නීතිමය සහ මානුෂීය කටයුතු සොයා බලා ඉටු කළ පොලිස් නිලධාරීන්ටත් අපේ හද පිරි ප්‍රණාමය හිමි වෙනවා:
🔹 අවිස්සාවේල්ල පොලිසියේ HQI සංජීව මහතා දැනුවත් කිරීමත් සමග
🔹 අවිස්සාවේල්ල පොලීසියේ රථවාහන අංශයේ දනුෂ්ක මහතා සහ ජයරත්න මහතා ඇතුළු එම ස්ථානයට පැමිණි සියලුම පොලිස් මහත්වරුන්
ජීවිතයක් බේරාගැනීමට කැප වූ දැරණියගල පදිංචි මේ වටිනා සොහොයුරාටත්, වගකීම ඉටු කළ පොලිස් කණ්ඩායමටත් අපගේ විශේෂ ස්තූතිය සහ ගෞරවය! 🙏🥇✨
|
||
|
Denu flower & my life
බුදුසරණයි🙏🙏 හැමදාම හැමෝටම හරියන්න ඕනේ ❤️🇱🇰❤️
|
||
Friends
Channel Comments
|
MandaraRandunu
(3 months ago)
පීරියඩ්ස් කාලෙට අත්‍යාවශ්‍ය ක්‍රීම් එකක් මට
|
|
IndraniFernando-g8z
(4 months ago)
බොහොම ස්තූතියි ඔබට, යහපතම උදා වේවා!
|
|
Chathu_Dilhara
(4 months ago)
කැනුලා බී නෙවෙයි.කැන්ඩිඩ් B
|
|
SadaruAnusha
(4 months ago)
Thank you...Godak watinawa... kanthawanta....
|
|
DilushaMadurani
(3 months ago)
කැන්ඩිට් බ් ඇත්තටම හොද ක්‍රීම් එකක්
|
|
worldofnissanka9222
(4 months ago)
වීඩියෝ එක ගොඩක් වටිනවා. ස්තුතියි
|
|
charunimadushani370
(4 months ago)
My coral ක්‍රිම් එක අලුහම් වලට ගොඩාක් හොදයි සතියෙන් මැකිලා යනවා
|
|
AnushaNishanthi-k8h
(4 months ago)
Attama watinawa dr.thankas
|
|
SunFlower-s6e
(3 months ago)
Thank you so much
|
|
chathuchathu1043
(4 months ago)
Candid pawder එකකුත් තියෙනවා. ඒකත් හොඳයි...
|
|
SethminiSethmini-e4z4k
(4 months ago)
අපේ අම්මිත් කියනව එක හොදයි කියලා පාවිච්චි කරනවා, දැනුවත් කිරීම ගැන ස්තුතියි
|
|
Salitha2026Siriwardhana
(4 months ago)
සදහටම හොදකරගන්න බෙහෙතක් මම කියන්නම්.වෙනිවැල් ගැට දවස් තුනක් උදෙ හවා බොන්න.ඊටපස්සෙ සතියකට එකපාරක් උදෙ හවා බොන්න මාසෙකට පස්සෙ මාසෙකට එකපාරක් බොන්නෙ...හමේ තියෙන කිසිම ආසදන ලෙඩක් ආයෙ හැදෙන්නෙ නෑ....
|
|
shiromalimali8802
(4 months ago (edited))
අපේ රට උෂ්ණ අධික රටක් නිසා ගොඩක් ගැහැණු අයට තීන ප්‍රශ්නයක්.
|
|
RangaPrabad
(4 months ago)
හොද පැහැදිලි කිරීමක් කොලපාට ක්‍රීම් එක මමත් ගන්නව ඒක හොදයි.මයිකොරල් එක අලුහම් වලටත් හොදයි.ස්තූතියි සහෝදරිය ඔයාට.
|
|
lifeunlimitedwithD
(4 months ago)
වටිනා වීඩියෝ එකක්
|
|
SanduniNirmaliSanduniNirmali
(3 months ago)
Candid- B ඇත්තටම හොදයි
|
|
kaveeshasathsarani-z1i
(4 months ago)
Thanks akka
|
|
shamainbernadette4814
(4 months ago)
සුද පිට වෙනවාට ඉදුණු අළුකෙසෙල් ආයුර්වේද වෛද්‍යවරයකු නිර්දේශ කරා. එය නිවැරදී ...ක්‍රමයෙන් අඩු වෙනවා. ඉකිලි කැසීම ටීනියා නම් ඇත්තෝර කොල අමු කහ කෑල්ලක් සමඟ කොටලා දෙහි බිංදු කිහිපයක් දාල එම ප්‍රදේශ වල ගාන්න විනාඩි 20 කින් සෝදන්න. සතියට දින දෙකක් හෝ තුනක් පමනක් මෙය ගාන්න. මෙයත් ආයුර්වේද වෛද්‍යවරයකු නිර්දේශ කල ක්‍රමයක්. නිට්ටාවට සුව වෙනවා.
|
|
samanthabandara1160
(4 months ago)
Thanks suddi..
|
|
VijithaDias-g5b5l
(4 months ago)
You are correct i am also using thanks darling budusaranai oyata
|
Add comment






























