අඳුරෙන් එළියට
අඳුරෙන් එළියට 's Channel
 
 
අඳුරෙන් එළියට
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
අඳුරෙන් එළියට
Description
නුවණැස අඳුරු කරන අවිද්‍යා අන්ධකාරයේ තිමිර පට ඉරාදමා පෙර කරන ලද මහා කුසළයකින් ලැබූ ඔබේද මගේද උතුම් මිනිසත් බවින් ප්‍රයෝජන ගනිමින් මාගේ සාක්‍යමුණීද්‍රයාණන් විසින් මහාකරුණාවෙන් සතර දළදාවන්ගෙන් සුදු බුදුරැස් විහිදුවමින් මහනෙල් මල් සුගන්ධය දසත පතුරවමින් සිරි මුව මඩලින් දේශනාකොට වදාළ පරම දුර්ලභවූත් ඉතා ගැඹුරුවූ ප්‍රඥාවන්තයන්ටම විෂයවූ ඒ අමා දහම් රසය අහිංසක ලෝකයාටද කිසිදු ලාභ අපේක්ෂාවක් නොමැතිව බෙදා දීමට තැනූ අන්තර්ජාල අවකාශයකි,,,,,,සියළු සත්වයෝ සංසාර දුකින් අත්මිදේවා යන්න අපගේ ඒකායන පාර්ථනාවයි!!!
Subscribers
208
Subscriptions
Recent Activity  
අඳුරෙන් එළියට අජපාල නුගරුක වෙත වැඩම කිරීම (ලිපිය කියවන්න )💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සත් දවසක් ඇවෑමෙන් ඒ පලසමවතින් නැඟිට බෝරුක්මුලින් නික්ම අජපල්නුගරුක වෙතට වැඩි සේක. වැඩ අජපල්නුගරුක්මුල් හි සත් දවසක් මුළුල්ලෙහි පලසමවත් සුව විඳින සේක් එක ම පර්‍ය්‍යඞ්කයෙන් වැඩ හුන් සේක. 2. ඉක්බිති (මාන වශයෙන්) “හූම්! හූම්!” ය යි ශබ්ද කරණ ස්වභාවය* ඇති එක්තරා බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට පැමිණියේ ය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූයේ ය. සතුටු විය යුතු වූ සිත් ඇලවිය යුතු වූ කතා කොට නිමවා එකත්පසෙක සිටියා වූ ඒ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කෙළේ ය. “පින්වත් ගෞතමයන් වහන්ස, කොපමණකින් බමුණෙක් වේ ද? බමුණකු කරන්නාවූ ධර්‍මයෝ කවරහු ද?” 3. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ අර්‍ත්‍ථය දැන එ වේලෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළ සේක:– “පව් බැහැර කළ, හුහුංකාරයන්ගේ පහ කිරීමෙන් හුහුංකාර (මාන) රහිත වූ රාගාදිකසට නැත්තා වූ සංසුන් සිත් ඇත්තා වූ චතුර්විධමාර්ගඥාන නම් වේදයෙහි කෙළවරට පැමිණියා වූ වැස නිමවූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යය ඇති යම් ක්‍ෂීණාශ්‍රවබ්‍රාහ්මණයෙක් වේ ද, යමකුට ලෝකයෙහි කිසි තැනක රාගාදි උත්සදයෝ* නැත්තාහු ද, ඒ පුද්ගල තෙමේ ‘මම බ්‍රාහ්මණ වෙමි’ යි ධර්‍මයෙන් (=නිවැරදි ලෙස) කියන්නේ ය.” මහාවග්ග්පාළියෙනි,,,,,, #amithvihari (10 months ago)
 
 
අඳුරෙන් එළියට අරහං ගුණය අර්ථකථා ටීකාවන්හි “අරහං”යන වචනය නොයෙක් ආකාරයට විභාග කොට එහි නොයෙක් අර්ථ දක්වා තිබේ. “අරහං”යන වචනයෙහි සාමාන්‍ය තේරුම සුදුසු තැනැත්තාය යනු යි. තථාගතයන් වහන්සේ කෙරෙහි නොයෙක් සුදුසුකම් ඇත්තේ ය. මේ අරහං ගුණ කථාවෙහිදී ඒ සෑම සුදුසු කමක්ම අදහස් කරනු නො ලැබේ. මෙතන්හි අදහස් කරන සුදුසු බව නම් දක්ෂිණාව පිළිගැනීමටත් පිළිගැන්වීමටත් සුදුසු බවය. තථාගතයන් වහන්සේ දක්ෂිණාව පිළිගැනීමට සුදුසු වන්නාහ. එහෙයින්ම දක්ෂිණාව පිළිගැන්වීමට ද සුදුසු වන්නාහ. දක්ෂිණාව යනු කුමක් ද? අනාගතයෙහි ලෞකිකවූ ද ලෝකෝත්තර වූ ද උසස් ඵල බලාපොරොත්තුවෙන් සැදැහැතියන් විසින් පුදන චීවරාදි ප්‍රත්‍යය දක්ෂිණා නම් වේ. උසස් ඵල බලාපොරොත්තුවෙන් පූජාවක් කරන්නාවූ තැනැත්තාට ඔහු බලාපොරොත්තු වන දෙය ලබා දීමට යමෙක් සමත් වේ නම්, ඒ තැනැත්තාම එය පිළිගැනීමට සුදුසු ය. තථාගතයන් වහන්සේ එසේ උසස් බලාපොරොත්තු වලින් පූජා කරන්නවුන්ගේ ප්‍රාර්ථනාවන් මුදුන්පත් කරදීමට සමර්ථ ය. ප්‍රත්‍යය පූජා කළවුන්ට ඵල ලබාදීම සඳහා තථාගතයන් වහන්සේ විසින් යම්කිසි උත්සාහයක් කරන්නේ නැත. උන්වහන්සේගේ ගුණමහත්වය නිසා පූජා කරන්නවුන්ට ඔවුන්ගේ ප්‍රාර්ථනා සිද්ධියට පැමිණේ. එබැවින් තථාගතයන් වහන්සේ “අරහං” නම් වේ. ප්‍රාර්ථනා සිද්ධියට හේතු වන යම් ගුණයක් තථාගතයන් වහන්සේ කෙරෙහි ඇති නම් ඒ ගුණය අරහං ගුණය ය. දක්ෂිණාව මහත්ඵල කිරීමේ ශක්තිය බුදුරදුන්ට පමණක් නොව සංඝරත්නයට ද ඇත්තේ ය. සංඝ ගුණ පාඨයේ “දක්ඛිණෙය්‍යා” යන පදයෙන් දැක්වෙන්නේ ඒ ගුණය ය. “දක්ඛිණෙය්‍යා” යන පදයේ තේරුම දක්ෂිණාව පිළිගැනීමට සුදුසුය යනු යි. සකල ක්ලේශ ප්‍රහාණයෙන් පරිශුද්ධත්වයට පැමිණ සිටින රහතන් වහන්සේ අග්ගදක්ඛිණෙය්‍ය නම් වෙති. පසේ බුදුවරුන් හා ලොවුතුරා බුදුවරු ද අර්හත්වයට පැමිණීමෙන් සකලක්ලේශයන් ප්‍රහාණය කර ශුද්ධත්වයට පැමිණ සිටින පුද්ගලයන් වන බැවින් උන්වහන්සේලා ද අග්ගදක්ඛිණෙය්‍යයෝම ය. එහෙත් ශ්‍රාවකවූ රහතුන්ගේ දක්ෂිණාර්හ භාවයට වඩා උන්වහන්සේලා ගේ දක්ෂිණාර්හභාවය උසස් ය. අරහං යන වචනයෙන් කියවෙන්නේ ලොවුතුරා බුදුවරුන්ගේ දක්ඛිණෙය්‍ය භාවය ය. දක්ඛිණෙය්‍ය භාවය ඇත ද රහතුන් සඳහා ඒ වචනය නො යොදනු ලැබේ. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවක සංඝයාගෙන් අන්‍යවූ උපාසකෝපාසිකාදීන්ට දන් දීමෙහි ද ඵල ඇත්තේ වී නමුත් ඔවුන් සඳහා දක්ඛිණෙය්‍ය යන වචනය ව්‍යවහාර කරනු නො ලැබේ. මාපියෝ ද දූ දරුවන් විසින් පිදිය යුත්තෝ ය. ඔවුන් සඳහා සංඝගුණපාඨයෙහි එන “ආහුණ්‍යෙය” යන පදය යොදා තිබේ. එහි තේරුම දුර සිට වුවද ගෙන ගොස් පිදිය යුත්තෝ ය යනු යි. “අරහං - දක්ඛිණෙය්‍ය” යන පදවලින් කියැවෙන දක්ෂිණාර්හ පුද්ගලයන්ගේ නානත්ත්වය වේලාම සූත්‍රයෙහි එන පරිදි සැලකිය යුතුයි. අතීතයෙහි අප මහා බෝසත්තුමා වේලාම නම් බමුණෙක් විය. වේලාම බ්‍රාහ්මණ මහා දානයක් දිණ. හෙතෙම රිදී බඩු රිදී මිල පිරවූ රන් තැටි ද, රන් බඩු රන් කාසි පිරවූ රිදී තැටි ද, සත්රුවන් පිරවූ ලොහො තැටි ද, රන් අබරණ රන් කොඩි රන් දැල්වලින් සැරසූ ඇතුන් ද, සිංහ සම්, දිවි සම්, ව්‍යාඝ්‍ර සම් කම්බිවලින් සරසන ලද්දාවූ ස්වර්ණාලංකාර ස්වර්ණද්ධ්වජ සහිතවූ රන් දැල් සහිතවූ රථයන් ද, කිරිදෙනුන් ද, කිරි ගන්නා රිදී බඳුන් ද මිණිකොඬලින් සැරසූ කන්‍යාවන් ද, කොට්ට, ඇතිරිලි, උඩුවියන් සහිත ඇඳන් ද, අගනා පිළිමිටි ද සුවාසූ දහස බැගින් දුන්නේ ය. ප්‍රමාණයක් නැති තරමට බොහෝ ආහාරපාන ද දුන්නේ ය. වේලාම බ්‍රාහ්මණ දන් දුන් කාලය අබුද්ධෝත්පාද කාලයක බැවින් ඒ දානය මහත්ඵල කිරීමට සමර්ථ වන එක ප්‍රතිග්‍රාහකයකුදු නො සිටියේ ය. එබැවින් තථාගතයන් වහන්සේ :- “යං ගහපති වෙලාමො බ්‍රාහ්මණො දානං අදාසි මහාදානං, යො එකං දිට්ඨීසම්පන්නං භොජෙය්‍ය, ඉදං තතො මහප්ඵලතරං” යනාදීන් අනේපිඬු මහා සිටාණන්හට දක්ෂිණාර්හයන්ගේ තතු පහදා වදාරණසේක්: සත්හවුරුදු සත්මස් සත්දිනක් මුළුල්ලෙහි වේලාම බ්‍රාහ්මණ විසින් දෙන ලද දානයට වඩා එක් සෝවාන් පුද්ගලයකුට දෙන දානය මහත්ඵල වන බව ද, සෝවාන් පුද්ගලයන් සියයකට දෙන දානයට වඩා එක් සකෘදාගාමී පුද්ගලයකුට දෙන දානය මහත් ඵල වන බවද, සකෘදාගාමීන් සියයකට දෙන දනට වඩා එක් අනාගාමී පුද්ගලයකුට දෙන දානය මහත් ඵල වන බවද, අනාගාමීන් සියයකට දෙන දානයට වඩා එක් රහත් නමකට දෙන දානය මහත්ඵල වන බව ද, රහතුන් සියයකට දෙන දානයට වඩා එක් පසේ බුදුවරයකුට දෙන දානය මහත්ඵල වන බවද, පසේ බුදුවරුන් සියයකට දෙන දානයට වඩා එක් ලොවුතුරා බුදුකෙනකුට දෙන දානය මහත්ඵල වන බවද වදාළ සේක. වේලාම සූත්‍රයේ එන මේ දානවිභාගය අනුව සෝවාන් සකෘදාගාමී අනාගාමී අරහත් ප්‍රත්‍යෙක සම්බුද්ධ සම්‍යක්සම්බුද්ධ යන පුද්ගලයන් පිළිවෙලින් එක් එක් පුද්ගලයකුට වඩා එක් එක් පුද්ගලයකු සිය සිය ගුණයෙන් වැඩි දක්ෂිණාර්හභාවය ඇතියවුන් බව කිය යුතු ය. ලොවුතුරා බුදුවරුන්ගේ දක්ෂිණාර්හභාවය ඉතා උසස් වන බැවින් බුද්ධගුණ කථනයේදී ඒ උසස් දක්ෂිණාර්හභාවය දැක්වීම සඳහා “අරහං” යන ගුණපදය භාවිත කරනු ලැබේ. සෙස්සන් සඳහා දක්ඛිණෙය්‍ය, අග්ගදක්ඛිණෙය්‍ය යන ගුණපද ව්‍යවහාර කරනු ලැබේ. දක්ෂිණාර්හභාවයේ හේතුව ලෙස දක්වා ඇත්තේ කෙලෙසුන් කෙරෙන් පවිත්‍ර බව ය. කෙලෙස් තුනී කර ගෙන සිටින්නෝ ද දක්ෂිණාර්හයෝ ය. සකල ක්ලේශයන් ප්‍රහාණය කොට සම්පූර්ණයෙන්ම කෙලෙසුන්ගෙන් පවිත්‍රව සිටින රහත්හු අග්‍රදක්ෂිණාර්හයෝ ය. ලොවුතුරා බුදුවරුන් වාසනාව සහිතව ක්ලේශප්‍රහාණය කර ඇති බැවින් උන්වහන්සේගේ පාරිශුද්ධිය රහතුන්ගේ පාරිශුද්ධියට උසස් ය. එබැවින් ලොවුතුරා බුදුහු අග්‍රදක්ෂිණාර්හයන්ට වැඩි දක්ෂිණාර්හයෝ ය. අරහං යන පදයෙන් කියනුයේ ඒ සාතිශය දක්ෂිණාර්හ භාවය යි. තණ, වල්පැළෑටි, ගල් බොරළු නැති කුඹුරක වී වපුළ ගොවියාට එයින් මහත් අස්වැන්නක් ලැබෙන්නාක් මෙන් කෙලෙසුන්ගෙන් පවිත්‍ර සන්තානයක් ඇති පුද්ගලයකුට දුන් කල්හි එයින් දායකයාට බොහෝ ඵල ලැබෙන බව - උසස් ඵල ලැබෙන බව කියනු ලැබේ. ප්‍රතිග්‍රාහකයාගේ ශුද්ධත්වය නිසා දායකයාට වඩා ඵල ලැබේය යන මේ කරුණ තේරුම් ගැනීමට දුෂ්කර, ඔප්පු කිරීමට දුෂ්කර ගැඹුරු කරුණෙකි. මෙබඳු කරුණුවලදී ශ්‍රද්ධාව ම පිහිටකර ගත යුතු ය. අතීතයේ ඇතැම් සැදැහැවතුන් සාමාන්‍ය කෙනකු විසින් දිය නොහෙන, දීමට අතිශයින් දුෂ්කර දානයන් දී තිබේ. එබඳු දුෂ්කර දානයන් බෙහෙවින් දී ඇත්තේ කාන්තාවන් විසිනි. එබඳු දුෂ්කර දීමනාවන් කළ බොහෝ දෙනකුන් ලක්දිව විසූ බව කතාපුවත්වලින් පෙනේ. එසේ දෙන දුෂ්කර දානයන් පෘථග්ජන භාවයෙහි සිට පිළිගැනීම, වැළදීම නුසුදුසු යයි සලකා ඇතැම් භික්ෂූන් ජීවිත පරිත්‍යාගයෙන් වෙර වඩා සව් කෙලෙසුන් නසා රහත්වූ බව දැක්වෙන කථා ප්‍රවෘත්තීන් ගණනක් ම අපේ බණ පොත්වල සඳහන් වී ඇත්තේ ය. (1 year ago)
 
 
අඳුරෙන් එළියට බුද්ධ රත්නය🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️ ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි රැස් කළ පින් බෙලෙන් සියලු පව් නසා සියල්ල දැන වදාළා වූ කපක් මුළුල්ලෙහි කීවද ඉවර නො වන ගුණ ඇත්තා වූ මහෝත්තමයන් වහන්සේ බුද්ධ නම් වන සේක. ලෝකයෙහි ඇත්තා වූ පදවි අතුරෙන් සියල්ලට ම උසස් පදවිය බුද්ධ පදවිය ය. එය ලැබීමට යටත් පිරිසෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි ධන පරිත්‍යාග, පුත්‍ර‍ පරිත්‍යාග, භාර්‍ය්‍යා පරිත්‍යාග, අංග පරිත්‍යාග, ජීවිත පරිත්‍යාග යන මේවා කරමින් පෙරුම් පිරිය යුතුය. එය ඉතා උදාර අදහස් ඇති මහා වීරයකුට හිම සැමට ම කළ හැකි වැඩක් නො වන බැවින් ලෝකයෙහි බුදු කෙනකුන් පහළ වන්නේ ඉතා දීර්ඝ කාලයකිනි. බුදුරජාණන් වහන්සේ ආශ්චර්‍ය්‍ය පුද්ගලයෙකි. උන් වහන්සේ ගේ ගුණ තබා ශරීරය ද ප්‍ර‍මාණ කළ නොහේ. කොපමණ උස කෙනකුට වුව ද උන් වහන්සේගේ හිස් මුදුන නො බැලිය හැකි ය. ලෝකයෙහි සැමට ම වඩා ශෝභන තැනැත්තා ද උන් වහන්සේ ම ය. මිනිස් ලොව තබා දෙව්ලොව බඹලොව ද රූප ශෝභාවෙන් උන් වහන්සේට වැඩි කෙනකු තබා සම කෙනෙක් ද නැත. උන් වහන්සේගේ ශරීරය රන්වන් ය. ඔප නැඟූ රන් කඳක් සේ දිලිසෙන්නේ ය. එයින් නිල් කහ රතු සුදු රැස් විහිදෙන්නේ ය. මදට පැහැය ඇත්තා වූ ද කලවම් පැහැය ඇත්තා වූ ද රැස් විහිදෙන්නේ ය. සියලු කෙලෙසුන් නැසූ බැවින් උන්වහන්සේ ගේ සිත අති පරිශුද්ධ ය. කරුණාවෙන් තෙත් ය. තමන් වහන්සේගේ පුත්‍ර‍ වූ රහල් කුමරුවන් කෙරෙහි මෙන් ම දේවදත්තාදි සතුරන් කෙරෙහි ද උන් වහන්සේගේ මහා කරුණාව නොවෙනස් ව පවත්නේ ය. කිසි වස්තුවක් කෙරෙහි හා කිසි ම පුද්ගලයකු කෙරෙහි ද උන් වහන්සේ ගේ ඇල්මක් නැත. දේවදත්තාදි සතුරන් කෙරෙහි ද උන් වහන්සේගේ වෛරයක් නැත. උන් වහන්සේ සතුරු මිතුරු සැම දෙනාට ම යහපතක් ම කරන සේක. උන් වහන්සේ අතීතානාගත වර්තමාන යන කාලත්‍ර‍යට අයත් වූ කාලමුක්ත වූ ද සියල්ල දත් සේක. උන් වහන්සේගේ දිවැසට කොතරම් දුර තිබෙන දෙයක් වුව ද කොතරම් සියුම් දෙයක් වුව ද පෙනෙන්නේ ය. උන් වහන්සේගේ දිවකනට ඉතා දුර ශබ්ද හා පියවි කනට නො ඇසෙන ශබ්ද ද මැනවින් ඇසෙන්නේ ය. උන් වහන්සේට අනුන්ගේ සිත් අනුන්ගේ අදහස් අනුන්ගේ ගති ගුණ පෙනෙන්නේ ය. මැරෙන්නන් උපදින තැන පෙනෙන්නේ ය. ඒ ඒ ඉපදීම්වලට හේතු වන පින් පව් පෙනෙන්නේ ය. උන් වහන්සේගේ සෘද්ධිය ඉතා ආශ්චර්‍ය්‍යවත් ය. උන් වහන්සේට දියගිනි සුළං ආදි ඕනෑ ම දෙයක් සිතින් මැවිය හැකි ය. කැමති වෙසක් මවා ගත හැකි ය. පොළොවෙහි මෙන් ම අහස්හි ද සියලු ඉරියව් පැවැත්විය හැකි ය. ජලයෙහි ද පොළොවෙහි මෙන් සියලු ඉරියව් පැවැත්විය හැකි ය. වක් කළ අතක් දිගු කරන්නාක් මෙන් සැණෙකින් ලෝකයේ ඕනෑම තැනකට යා හැකි ය. නො පෙනී ද විසිය හැකි ය. උන් වහන්සේගේ ධර්ම දේශනය ඉතා ආශ්චර්‍ය්‍යවත් ය. දහම් දෙසන්නා වූ උන් වහන්සේගේ මුහුණ සතර දිශාවෙහිම සිට දහම් අසන සෑම දෙනාට ම නො වෙනස්ව පෙනෙන්නේ ය. උන් වහන්සේ විසින් එක ම භාෂාවකින් කරන දේශනය අසන සැම දෙනාට ම තම තමන්ගේ භාෂාවෙන් තේරෙන්නේ ය. උන් වහන්සේගේ හඬ ඉතා මිහිරි ය. මිනිස් හඬට බිය වී පලා යන වන සත්තු ද උන් වහන්සේගේ මිහිරි හඬ සතුටින් අසා ගෙන සිටිති. උන් වහන්සේගේ හඬ සේ මිහිරි, කටහඬක් තබා තූර්‍ය්‍යනාදයකුදු නැත. උන් වහන්සේ ගේ මේ මධුර ස්වරය බණ අසන පිරිසෙන් පිටතට ද නො පැතිරෙන්නේ ය. බණ අසන්නවුන් ලොව පුරා සිටියත්, සැමට ම ඇසෙන්නේ ය. උන් වහන්සේ යමක් ප්‍ර‍කාශ කෙළේ නම් එය එසේ ම ය. උන් වහන්සේට වැරදීම් නැත. නියතමානී වූ ඒ භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ගේ උසස් පහත් පොහොසත් දුප්පත් කම් ගැන නො සලකන සේක. උන් වහන්සේ කෝශලාදි නරේන්ද්‍ර‍යන් ගේ මාළිගාවන්ට මෙන් ම කරුණක් ඇති වී නම් රොඩී කුප්පායමට ද වඩනා සේක. උන් වහන්සේ වැඳුම් පිදුම් කළ යුත්තන් අතුරෙන් අග්‍ර‍ වූ සේක. (1 year ago)
 
 
අඳුරෙන් එළියට බුද්ධානුස්මෘති භාවනාව බුදුන් වහන්සේගේ ගුණයන් අතුරෙන් යම් කිසි ගුණයක් නැවත නැවත සිතමින් එහි සිත සමාධියට පැමිණවීම බුද්ධානුස්මෘති භාවනාව ය. බුදුන් වහන්සේගේ ගුණයෝ ඉතා බොහෝ ය. ඒ ගුණ කොටස් නවයකට බෙදා තිබේ. අරහං, සම්මා සම්බුද්ධෝ, විජ්ජාචරණ සම්පන්නෝ, සුගතො, ලෝකවිදූ, අනුත්තරෝ පුරිස ධම්ම සාරථි, සත්ථා දෙවමනුස්සානං, බුද්ධෝ, භගවා යන පද නවයෙන් ඒ ගුණ සමූහය දක්වනු ලැබේ. බුද්ධානුස්මෘති භාවනාව කරනු කැමතියන් විසින් ඒ ගුණ නවය හොඳින් පාඩම් කර ගත යුතු ය. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාගාදි සකල ක්ලේශයන් මතු නූපදනා පරිද්දෙන් නසා සුපරිශුද්ධ වූ බැවින් දෙවි මිනිසුන් විසින් කරන පූජා සත්කාරයන්ට සුදුසු වූ සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීතානාගත වර්තමාන යන කාලත්‍ර‍යට අයත් වූ ද කාලමුක්ත වූ ද සකල ධර්ම සමූහය පරෝපදේශ රහිත ව තමන් වහන්සේ විසින් ම නො වදරවා දැන වදාළ සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතිශයින් සමෘර්ධ වූ විදර්ශනා ඥානාදි විද්‍යාවෙන් හා ශීලාදි චරණයෙන් ද සම්පූර්ණ වූ සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දාන ශීලාදි සම්‍යක් ප්‍ර‍තිපත්තියෙන් අමෘත මහා නිර්වාණ පුරයට පැමිණ වදාළ සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්ත්ව ලෝකය සංස්කාර ලෝකය අවකාශ ලෝකය යන ලෝකත්‍ර‍ය නිරවශේෂයෙන් දැන වදාළ සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජාතිමාන පුණ්‍යමාන බලමාන ප්‍ර‍ඥාමාන සෘද්ධි මානාදි අනේවිධ මානයෙන් උඩඟු වූ දමනය කිරීමට දුෂ්කර වූ මනුෂ්‍ය දිව්‍ය බ්‍ර‍හ්ම යක්ෂ රාක්ෂ රාජාදීන් දමනය කරන හෙයින් සත්ත්වයන් දමනය කරන්නවුන් අතුරෙන් අග්‍ර‍ වූ සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට මෙලොව පරලොව යහපත පිණිස හා අමෘත මහා නිර්වාණ ප්‍ර‍තිලාභය පිණිස ද අනුශාසනය කරන සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පරම ගම්භීර චතුස්සත්‍ය ධර්මය තමන් වහන්සේ විසින් අවබෝධ කොට ගෙන නොයෙක් දහස් ගණන් දෙව් මිනිසුන්ට ද අවබෝධ කරවන සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත පුණ්‍ය අනන්ත සෘද්ධි අනන්ත ඥාන අනන්ත තේජෝ බල පරාක්‍ර‍මයෙන් යුක්තව ලෝකවාසීන් විසින් නන් අයුරින් කරන ගෞරවයට සුදුසු වූ සේක. මේ බුදු ගුණ වගන්ති නවය හොඳින් පාඩම් කර ගෙන බුද්ධ වන්දනාව සඳහා ද භාවිත කළ යුතු ය. තමනට නො තේරෙන දෙයක් කියා වන්දනා කිරීමට වඩා සිය බසින් ම තමන්ට තේරෙන දෙයක් කියා වන්දනා කිරීමට වඩා සිය බසින් ම තමන්ට තේරෙන දෙයක් කියා වන්දනා කිරීම යහපත් ය. වන්දනා කරන කල්හි මේ වගන්ති නවය කියා අවසානයෙහි “මේ නව වැදෑරුම් ගුණයෙන් යුක්ත වූ භාග්‍යවතුන් බුදුරජාණන් වහන්සේට මාගේ කායාදි ද්වාරත්ත්‍රයෙන් වඳිමි.” යනු කියා බුද්ධ වන්දනාව කළ යුතුය. බුද්ධානුස්මෘති භාවනාව කරන තැනැත්තා විසින් බුදු ගුණ වගන්ති නවය අත් නො හැර ම බුද්ධ වන්දනාව සඳහා භාවිත කළ යුතුය. ඒ වගන්ති නවයෙන් තමාගේ සිතට වඩා හොඳින් වැටහෙන තමා වඩා ප්‍රිය කරන එක් වගන්තියක් භාවනාව සඳහා තෝරා ගත යුතු ය. ඉක්බිති තමා ප්‍රිය කරන බුදුරුවක් දෙස බොහෝ වේලාවක් හොඳින් බලා එය හොඳින් සිතට ගත යුතු ය. බුදු රුවෙහි අවයවයන් වෙන වෙන ම ද බලා හොඳින් සිතට ගත යුතු ය. බුදු රූ සටහන අමතක නො වනු පිණිස වරින් වර නැවතත් බැලිය යුතු ය. ආරම්භයේ දී භාවනාව බුදු රුවක් ඉදිරියේ ම කළ හැකි නම් වඩාත් හොඳ ය. භාවනා කරන්නට පටන් ගන්නා කල්හි යම් කිසි විවේක ස්ථානයක බද්ධ පර්‍ය්‍යඞ්කයෙන් හිඳ, කය සෘජුව තබා ගත යුතුය. එය භාවනාවට ඉතා ම සුදුසු හිඳ ගැනීමේ ක්‍ර‍මය ය. එසේ හිඳ ගත යුත්තේ පුරුෂයන් විසින් පමණෙකි. එය ස්ත්‍රීන්ට අයෝග්‍ය ය. ස්ත්‍රීන් විසින් අර්ධ පර්‍ය්‍යඞ්කය යි කියනු ලබන පා දෙක පිටිපසට නමා වාඩිවීමේ ක්‍ර‍මයට හිඳ ගත යුතුය. පෙර බුද්ධ ශ්‍රාවිකාවන් අර්ධ පර්යඞ්කයෙන් හිඳ ගත් බව මහා ප්‍ර‍ජාපතී ගෝතමි අපදානයෙහි එන : “සා තාහි සහ ගන්ත්වාන - භික්ඛුනූපස්සයං සකං අඩ්ඪපල්ලඞ්ක මාභුජ්ජ - නිසීදි පරමාසනෙ.” යන ගාථාවෙන් පෙනේ. බද්ධ පර්‍ය්‍යංකයෙන් වාඩි විය නො හෙන පුරුෂයන් විසින් හා අර්ධ පර්‍ය්‍යංකයෙන් හිඳ ගත නොහෙන ස්ත්‍රීන් විසින් ද තම තමාට හැකි පරිද්දකින් හිඳ ගෙන භාවනා කළ යුතු ය. අන් ඉරියව්වකින් භාවනා කළාට ද වරදක් නැත. විවේක ස්ථානයේ හිඳගෙන ඇස පියා ගෙන කලින් බලා ගත් බුදුරුව මෙනෙහි කර බුදුන් වහන්සේ තමා ඉදිරියේ වැඩ සිටින සැටියට සිතා ගෙන ඒ බුදුන් අරමුණු කොට “මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාගාදි සකල ක්ලේශයන් මතු නූපදනාකාරයෙන් නසා සුපරිශුද්ධ වූ බැවින් දෙවි මිනිසුන් විසින් කරන පූජා සත්කාරයනට සුදුසු වූ සේක.” යනාදීන් තමා භාවනා කරන්නට තෝරාගත් වගන්තිය මෙනෙහි කොට භාවනා කරන්නට පටන් ගත යුතු ය. භාවනා කරන්නට පටන් ගන්නා කල්හි පැය කාලයට අඩු නො වන කාලායක් නියම කරගෙන ඒ කාලය සම්පූර්ණ වනතුරු නොනවත්වා භාවනා කළ යුතුය. එය කරන කල්හි අනෙකක් ගැන නො සිතනු. සිත අනෙකකට යොමු වන්නට නො දීමට හැකි තාක් උත්සාහ කරනු. සිහියෙන් යුක්ත වනු. (1 year ago)
 
 
Friends
Channel Comments
sachiya198 (1 year ago)
Theruwan saranai swaminwahansa.
ChamikaDishan (1 year ago)
තෙරැවන් සරණයි
dayaliyanage7526 (1 year ago)
සාදු සාදු සාදු
MayumiNadhunika-ch2lk (1 year ago)
සාධූ සාධූ සාධූ
tharushinimasha2257 (1 year ago)
සාදූ සාදූ සාදූ
kumudupriyangika3534 (1 year ago)
සාදූ සාදූ සාදූ
MajuwaneJayasiri-zv4hd (1 year ago)
I wish you delivered this in English.
mgshantha6961 (1 year ago)
Tharuwan saranai suwaminwahansa
buddishantha4595 (1 year ago)
Ape suwaminwahansa theruwan saranai
ChanikaLiyanage-z1d (1 year ago)
සාදු සාදු සාදු
gayandanushka962 (1 year ago)
සාදු සාදු සාදු.
chandanisubasinghe3209 (1 year ago)
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...
DewmiUmayangana-t4u (1 year ago)
පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..මෙම උත්තරීතර ධර්ම ධර්ම දානමය කුසල් උතුම් මාර්ග ඵල නිවන් අවබෝධය සඳහාම උපනිශ්‍රයේම වේවා..සාධු සාධු සාධු
හොද පැහැදිලි ධර්ම දේශනාවක්.ඒ වගේම ධර්මය විකෘති කරන පැත්තක් කියවුනා..ඒවැනි දේවල් අපිද දැක තිබෙිිනවා.බුදුදහමට වුවාවි ධර්මය විනාශ කරන චිවරධාරින්ට වෙිිනදේ ධර්මයේම සදහන් වෙිිනවා...ගිහි පින්වතුන් හරි ධර්මය හදුනාගෙන තමන්ගෙ පැත්ත හදා ගන්න එක තමයි වටින්නෙ..වෙිිවැනි ධර්ම දේශනාවලින් හරි මාර්ගය පෙන්වන සියලු ස්වාමින්වහන්සේලාට නිදුක් නිරෝගි භාවය ලැබි..සසර දුකින් අත් මිදිමට හේතු වාසනා වෙිිවා.....තෙ⁣රැවන් සරණයි.....
NandanaPremasiri-hx8wf (1 year ago)
SumedaChathuranga-l2b (1 year ago)
සාදු සාදු සාදු